Top Ad unit 728 × 90

Lankanvoice

இலங்கைச் செய்திகள்

Local News

கொழும்பு மத்திய பேரூந்து நிலையத்தில் சொத்துக்களை சேதப்படுத்திய நபர் கைது செய்யப்பட்டார்! ஏப்ரல் 17 வரை விளக்கமறியல்...


கொழும்பு மத்திய பேரூந்து நிலையத்தில் சொத்துக்களை சேதப்படுத்திய நபர் கைது செய்யப்பட்டார்! ஏப்ரல் 17 வரை விளக்கமறியல்...

பர்ஹாளா_பதுறுதீன் 
12/04/2026

නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පොළේ දේපළ විනාශ කළ සැකකරු කොටුවෙයි!

පසුගිය අප්‍රේල් 08 වනදා ජනතා අයිතියට පත් කළ අලුතින් නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභහානි කළ 33 හැවිරිදි සැකකරුවෙකු කැලණිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. බස් නැවතුම්පොළේ සුභසාධක අංශය කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පිටකොටුව පොලිසිය විසින්, සොරකම් කරන ලද දේපළ තොගයකින් කොටසක් ද සමඟ ඊයේ (11) දින මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ක්‍රියාවෙන් සිදුව ඇති අලාභහානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා විශේෂ තක්සේරු වාර්තාවක් කැඳවීමට මේ වනවිටත් පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, පොදු රජයේ දේපළවලට හානි කරන මෙවැනි පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් විසින් පොලිසියට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
கொழும்பு மத்திய பேரூந்து நிலையத்தில் சொத்துக்களை சேதப்படுத்திய நபர் கைது செய்யப்பட்டார்! ஏப்ரல் 17 வரை விளக்கமறியல்... Reviewed by www.lankanvoice.lk on ஏப்ரல் 12, 2026 Rating: 5

கருத்துகள் இல்லை:

All Rights Reserved by KR TV LANKAN VOICE © 2024 - 2025
Powered By LankanVoice, Solution by lankantvlive

தொடர்பு படிவம்

பெயர்

மின்னஞ்சல் *

செய்தி *

Blogger இயக்குவது.