Top Ad unit 728 × 90

Lankanvoice

இலங்கைச் செய்திகள்

Local News

කරුණාගේ ක්‍රියාකලාපය පිළිබද රජයේ විශේෂ අවධානයක් යොමුකළ යුතුයි


කරුණාගේ  ක්‍රියාකලාපය පිළිබද රජයේ විශේෂ අවධානයක් යොමුකළ යුතුයි

නැගෙනහිර  පළාත්  හිටපු සෞඛ්‍ය අමාත්‍ය  ජනපතිට  ලිපියකින් දන්වයි

 
වසර 30 ත්‍රස්තවාද යුද්ධයට හිරවී විවිධ දුක්කරදරවලට  මුහුණ දුන්  උතුරු නැගෙනහිර  ජනතාවයුද්ධය අවසනන්කළ පසුව එකමුතුව, සැනසීමෙන් ජිවත්වන පරිසරයක  දමිල මුස්ලිම්  ජනතාව  අතර  විරසක ඇතිකරලීමේ අරමුණින්  විනයාගමුර්ති  මුරලිදරන් ( කරුණ අම්මාන්  ක්‍රියාකරමින් සිටි. මොහුගේ මෙම  ක්‍රියාව මගින් දමිල මුස්ලිම් තරුණයින් පොලොබවා ජාතින් අතර ගැටුම් ඇතිවීමට  ඉඩකඩ ඇත. මෙම කරුණු සම්බන්ධව  නැගෙනහිර පළාත් හිටපු   සෞඛ්‍යඅමාත්‍ය  එම් එස් සුබයිර්  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට  ලිපියක් යවා ඇත.   


 එම ලිපියේ  සදහන්වනුයේ

පසුගිය වසර 30ක කාලයක් පැවෙත්වුනු  යුද්ධය නිමකිරීමෙන් අනතුරුව රටේ සාමය සාමාදානය ඇතිවී ජනතාව සැනසීමෙන්  ප්‍රීතියෙන් ජීවත්වූ අවස්තාවක  යහපාලනය යනු හැම පොරවාගත්    යම්  පිරිසකට පත්වී  මෙරට   විනාශවුනි .  මෙවැනි අවස්තාවක  පසුගිය දා පවත්වන ලද  ජනාධිපති මැතිවරණයේ රටේ  බහුතර ජනතාව  ඔබ්තුමානන්ට   සහයෝගය  ලබාදෙමින්  පාලන බලය ලබා දෙන ලදී   

යුද සමයේ  උතුරු නැගෙනහිර  ජනතාව මුහුණ දුන් දුක් කරදර  ඔබතුමා ඉතා හොදින් දන්නා කරුණක්ය  මෙරට මහින්ද රාජපක්ෂ බාරගත් විට  එතුමානන්ගේ මුලිකත්වයෙන්  ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ඔබතුමා  ජාත්‍යන්තර බලපෑම් තර්ජන  නොතකා  යුද්ධය අවසන් කර සාමය   සමගිය  සමගිය ඇති කිරීම  ඉතිහාස ගතවුනි.  එම සත් ක්‍රියාවට ජනතාව කලගුණ දැක්වීමටයි  මෙවැනි  බහුතර සහයෝගයක්  ලබා දී ඇත්තේය.  

යුද්ධය නිම කර රටේ සාමය සමගිය  ඇති කරලීමට  දහස්ගණන් හමුදා සෙබළුන් හා රටේ ආර්ථිකය  අහිමිකර ගත්තෙමු. එම නිසා තමා මෙරටේ ජනතාව  බියෙන් සැකයෙන්  තොරව සැනසීමෙන් ජීවත්වීමේ පරිසරයක් උදාවුනි. ඉතා දුෂ්කරතාව මැද  ඇති කර අගත් සාමය  බිද දැමීමට කිසිසේත්ම  ඉඩ නොතැබිය  යුතයි.

නැගෙනහිර පළාතේ  ජිවත්වන  දමිල මුස්ලිම්  ජනතාව  අතර ඇති එකමුතුකම  බිද දමා  මෙරටේ නැවත ගැටළු ඇති කිරීමට  උත්සාහ දරයි.  මෙවැනි ක්‍රියාකාරකම්වලින්  දමිල මුස්‌ලිම  තරුණයින්  උසිගෙන්වීමෙන්  අනාගතයේදී  ජාතින් අතර ගැටුම්  ඇති වීමට  ඉඩ  ඇත. මෙම කරුණු  සම්බන්ධව රජය  අවධානය යොමුකිරිම  කාලෝචිතයි


විශේෂයෙන්ම  විමුක්ති  කොටීන්ගේ නැගෙනහිර පළාත්  හිටපු ආඥාපති ලෙස කටයුතු කල  විනයාගමුර්ති  මුරලිතරන් ( කරුණා අම්මාන් ) මේත කාලයේ  ජාතිවාද  ක්‍රියාකාරකම් උසිගන්වනසේ   ක්‍රියාකරයි . ඔහු දමිල  ජනතාව අතර  මුස්ලිම්ව්රුන්වන් පිලිබද විවෙචාන්ත්කව වෛරීය කාතා කරමින් සිටිති . මොහුගේ ක්‍රියාකාරකම් නිසා  නැගෙනහිර ජාතින් අතර  ගැටුමක් ඇති වේවි යනු බියක් ඇතිවී ඇත. 


මුස්‌ලිම්  නායකයින්  දමිල ජනයාව වලලා  දැමීම අරමුනින්  ක්‍රියාකරන  බවත්  මුස්ලිම් බල වේගවල වර්ධනය වැලක්විමටත්,ඔවුන්ව යටහත් කර පාලනය කිරීමට  තමන් ජනපති ගෝඨාභය  රාජපක්ෂට සහයෝගය දක්වන බවට ප්‍රචාරය කරමින් සිටි. එපමණක් නොව නව භාරකාර රජයේ  මුස්ලිම්වරයෙකු පත් නොකිරීම ඔහු සතුටට පත්වන බවට  පවසයි . මෙම ප්‍රකාශය ඔහුගේ ජාතිවාදයේ උච්චම අවස්තාවකි 

මුස්ලීම ප්‍රජාවටත්  මහින්ද  රාජපක්ෂ පවුල අතර කිසිම භේදයක් නොමැත  මෙම රජයේ මුස්ලිම් වරුන් කොටස්කරුවන් ලෙස කටයුතු කිරීමට සුදානම්වී සිටිති . විශේෂයෙන්ම මෙරටේ මුස්ලිම්වරුන් ඊලාම් රාජ්‍ය ඉල්ලා හෝ රටට  ද්‍රෝහිව  කටයුතු කල  අවස්තාවන් නොමැත. ඒවා කරුණා අම්මාන් දැනුගත යුතුයි

පසුගිය කාලවල දමිල ජනයාට වැරදි මාර්ගෝපදේශකත්වය  ලබාදී  විමුක්ති කොටි  සංවිධානයේ  ප්‍රධාන  නිලතල දරමින්  මෙරටට එරෙහිව යුද්ධයක් කළ කරුනා අම්මාන්  මුස්ලිම් නායකයින්  දමිල ජනතාව වලලා  දැමීමට කටයුතු කරන බවට  ප්‍රකාශ කිරීම  විහිලුවක්ය . යුධ සමයේ අපරාධ හා හිංසා කර අහිංසක ජනයා මරා දැමු  මෙරට  අපකිර්තියට පත්කළ ඔහුගේ අවස්ථාවාදී දේශපාලනය නිසා  අවලාද නගති දේශපාලන බලයක් ලබාගෙනීමට  ඔහු මෙසේ ක්‍රියාකරයි

ආයුධ අතට ගෙන  කිසිදෙයක් කිරීමට නොහැකිය  බව දෑනගත් කරුණා අම්මාන් දේශපාලාන  මාර්ගයට පිවිසි තනාත්ර ලබා  දේශපාලන කාටයුතු කලද අවසානයෙදි දමිල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.  ඔහුට දමිල ජනතාව් අතර කිසිම ගරුත්වයක් නොමැත දේශපාලන බංකොලොත් භාවයේ සිටිමින්  නැවත දේශපාලන බලය   ලබාගෙනීම සදහා  වර්තමානයේ ජාතිවාදය  වපුරයි .  මොහුගේ අධික්‍රියාමාර්ගය  රටේ ආර්ථිකය  ජනතාවගේ නිදහස්  ක්‍රියාදාම්වලට බලපෑම් සිදුකල හැකිය  ඒ සමග උදාවූ  නව පාලනයට අවනමබුවක් ඇති කරයි

රටේ සංහිදියාව ඈතිකර  ජාතීන් අතර සහජීවනය  ඇති කරලීමට  කැපවිය යුතු කාල වකවානුවේ  කරුණා අම්මාන්  වැනි අයගේ ක්‍රියාකාරකම්  ඒවාට  හාස්පසින් වෙනස්වේ. අරාජිකත්වය්  ප්‍රචන්ඩතාවයට  හුරුවූ ඔවුන්ට ප්‍රජාතනත්‍රවාද ප්‍රවාහයේ ගමන් කිරීමට  නොහැකිව් ඇත.  එබැවින් ඔහුගේ  ක්‍රියාමාර්ගය සමබන්ධව  රජය  අවධානය යොමුකර  ඒ සමගම  සාමය කඩකරන කුමන ත්රාත්ර්ම  නොබලා ක්රියකලයුතු බවටු බවට එමලිපියේ සදහන්
කරුණාගේ ක්‍රියාකලාපය පිළිබද රජයේ විශේෂ අවධානයක් යොමුකළ යුතුයි Reviewed by www.lankanvoice.lk on டிசம்பர் 05, 2019 Rating: 5

கருத்துகள் இல்லை:

All Rights Reserved by KR TV LANKAN VOICE © 2024 - 2025
Powered By LankanVoice, Solution by lankantvlive

தொடர்பு படிவம்

பெயர்

மின்னஞ்சல் *

செய்தி *

Blogger இயக்குவது.